LATEST NEWS
Search

පරණ කතාවේ දුක නැති කරගන්න ක්‍රම හෙව්ව උදාරි දැන් පෙම්වතියක්

28

උදාරි කෞශල්‍යා කාලෙකින් නාට්‍යයක වැඩකරල නැති වුනත් නිරන්තරයෙන්ම දකින්න හම්බෙන්නෙ පොටෝ ෂූට් වලින්. ඉතින් ඒ අතර ඇය නර්තනයටත් වැඩි අවස්ථාවක් දෙන බවයි කියන්නෙ. පළමු ව්වාහයෙන් වෙන්වීම ගැන නිතරම අහන අයට ඇය ලබාදෙන්නෙ මෙන්න මෙිවගේ උත්තරයක්

“මම හිතන්නෙ හැමදේම වෙන්නෙ හොදට. දැන් මම ඉන්න තැන ගැන සතුටක් දැනෙනව. මගෙ සිනහව පිටිපස්සෙ ලොකු කඳුළු කතාවක් තියෙනව. ඒක කාටවත් කියල මාකර්ට් වෙන්න ඔිනා නෑ. ඒකෙන් ඇති වැඩකුත් නෑ. මම ගොඩක් හොරුන් ට අහුවුනේ. ඉතින් ඒ දේවල් හදාගෙන මම ඉස්සරහට යනවා”

සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියක්ට කලාකාරිනියක්ට විවාහය බිදිල දුක හිතෙන කතාවක් තිබුන ගමන් එයාලා කරන්නෙ යූ ටියුබ් ඉන්ටෙව් එකකින් ඒවා එලිය⁣ට දාන එක. නමුත් උදාරි ගෙ නම් එහෙම බලාපොරොත්තුවක් නෑ. තමන් ගේ ජනප්‍රියත්වය එදා වගේම තිබෙන බවත් එය අඩුව නැති බවත් පවසන උදාරි මෙි දිනවල ව්‍යාපාරයක් ගැන ඉල්ලක්කයක ඉන්නව කියලත් කියනව.

” සමහර අය විලාසිතා ගැන තියෙනව. ඉතින් ලස්සනට ඉන්න කැමති නිසාම වැඩි විලාසිතා ගණනක් යොදාගන්නව. පුංචි කාලෙ ඉදන්ම මම එහෙමයි. මට ෆැෂන් ඩිසයිනස්ලා ඉන්නව”

ඒ අතරෙ උදාරිට චිත්‍රපටියක ප්‍රධාන චරිතයක් සදහාත් අවස්ථාව ලැබිල තියෙනව. ඉතින් ඒ අවස්ථාව පහුකරන්නෙ කොහොමද කියල හිත හිත ඉත්දිම ඒ චිත්‍රපටියෙ නිෂ්පාදකයන් උදාරි නිසාම ෂූටින් ප්‍රමාද කරල තියෙනව. ඇය මෙි හැමදේම දකින්නෙ වාසනාව විදියට.

කොහොම වුනත් උදාරි ගැන අහන්න තියෙන අනිත් කතාව තමයි. ඇය දැන් පෙම්වතියක් කියන එක.

” සමහර අය හිතනව මම ආඩම්බරකාරියක් කියල. ඒ මගේ හැටි. මම පොලොවෙ පයගහල ඉන්න සිම්පල් චරිතයක්”

මෙි හැමදේම එක්ක බලත්දි මෙි වසර උදාරිට සුවිශේෂ වෙනව. ඇගේ චිත්‍රපටිය ළඟ ලගම දකින්න රසිකයන් උනත් ගොඩක් කැමති වෙනවාට කිසිම සැකයක් නෑ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *