LATEST NEWS
Search

නීතිවිරෝධී විදේශීය දුම්වැටි 30,000ක තොගයක් හසුවෙයි

31

බදු නොගෙවූ නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය දුම්වැටි 30,040ක තොගයක් සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම වැටලීමේදීනිලධාරීන් භාරයට ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් ඉක්මවන බවයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය, වත්තල හා ජා-ඇල ප්‍රදේශයන්හි පදිංචි‍ අවුරුදු 22, 30,42, 50යන වයස් වල පසුවන අය වන අතර ඔවුන් 2021. 05. 05 වන බදාදා දින බස්නාහිර පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතවයි.

විදේශීය රටක නිෂ්පාදිත මෙම මුද්‍රා නොකැඩූ , බදු නොගෙවු සිගරට් තොගය 50 හා 100 කාටූන් වශයෙන් තිබූ අතර මේ පිලිබඳ වැඩිදුර පරික්ෂණ ජා-ඇල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතා විසින් සිදු කරනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *