LATEST NEWS
Search

කොවිඩ් වසංගත තත්ත්වය මැද වුවත් මුළු රටටම අඛණ්ඩව විදුලිය

24

ලංවිම සේවකයන් කිහිප දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණත් කිසිදු ප්‍රශ්නයකින් තොරව මුළු රටටම අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ලංවිම සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා .

මේ වන විට රට පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන්නේ මණ්ඩලයේ සමස්ත සේවකයන්ගෙන් තුනෙන් එකක් සේවය කරන මොහොතක බව ද සභාපතිවරයා පවසනවා

අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත ලංවිම සේවකයන් පනහකට අධික සේවක පිරිසක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමඟ රට පුරා අඛණ්ඩව විදුලිය ලබාදීම අභියෝගයක් පවතින බවට මතුව ඇති සංවාදය සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ දී ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතා බහ කෙරුණා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *