LATEST NEWS
Search

නීති කඩන බස් රථ අත්අඩංගුවට – රථවාහන පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

27

නිරෝධායන නීති කඩකරමින් ධාවනය වන බස් රථ පොලිස් භාරයට ගන්නා බව රථවාහන පොලිස් මූලස්ථානය සඳහන් කරනවා .

ඒ අනුව නිරෝධායන නීතිය කඩ කරන රියැදුරන් කොන්දොස්තරවරුන් , සහායකයන්, බස් රථ හිමිකරුවන් නිරෝධායන නීතිවලට පටහැනිව මගීන් ප්‍රවාහනය කරන්නේ නම් ඔවුන්ටද එරෙහිවද නිරෝධායන නීතිය යටතේ කටයුතු කරනු ඇති

එමෙන්ම දිවයින පුරා මගී සේවයේ යෙදෙන පෞද්ගලික හා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ නිරෝධායන නීතිරීතිවලට අනුගතව මගීන් ප්‍රවාහනය කරන ලෙස රථවාහන පොලිස් මූලස්ථාන බස් රථ රියැදුරන්ගෙන් හා කොන්දොස්තර සහායකයන්ගෙන්ද ඉල්ලීමක් සිදු කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *