LATEST NEWS
Search

ප්‍රාතිහාර්යවලින් කොරෝනා මඩින්න අමාරුයි– GMOA කියයි

28

කොවිඩ් – 19 තුන්වැනි රැල්ල පාලනය කරගත හැකි අතර ඒ සඳහා නිශ්චිත මොහොතේ නිශ්චිත ක්‍රියාමාර්ග ගත යුතු අතර එම මාර්ගෝපදේශ ජනතාව විසින් නිශ්චිතවම අනුගමනය කළ යුතු බවත් එසේ නොකර මෙය ප්‍රාතිහාර්යයකින් පාලනය කර ගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

කොළඹදී ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසුවේ මෙම කාරණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට විශාල වගකීමක් ඇති අතර ඔවුන් නිසි පරිදි දත්ත ලබා ගෙන සෙසු අංශ සමඟ බෙදා ගත යුතු බවත් කුඩා පරිපාලන කලාපයේ සිටම අවදානම තක්සේරු කළ යුතු බවත්ය.

ඒ අනුව රජයක් ලෙස නිශ්චිත මොහොතේ නිශ්චිත තීන්දු ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය දත්ත වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ලබා දිය යුතුව ඇති බවත් නවීන් ද සොයිසා මහතා පැවැසීය. අවදානම ගැන ජනතාවට විශ්වාසය දිය හැක්කේ නිශ්චිත දත්ත මත බවද ඔහු පැහැදිලි කළේය.

මේ මොහොතේ ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන රෝහල් ආශ්‍රිත මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් කළමනාකරණය සඳහා නිවෙස් ගත නිරෝධායන පවත්වාගෙන යෑමත් රෝගය සහිත අවශ්‍ය අය පමණක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා දීමත් යන කාරණා සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් විය යුතු අතර දෙවැනි රැල්ලේදී එය සාර්ථක වූ බවද ඔහු පැවැසීය. නිවෙස් ගත නිරෝධායනයේදී වෛද්‍ය අධීක්ෂණය යටතේ එය සිදු විය යුතු බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *