LATEST NEWS
Search

මාස 3 කින් කොවිඩ් සම්පූර්ණයෙන්ම පාලනයට සූදානම් – රජයේ නිල සැලසුම මෙන්න

39

ඉදිරි ජූලි අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ව්‍යාප්තිය සම්පූණයෙන්ම පාහේ පාලනය කළ හැකි වනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා රාජ්‍ය නීතිගත සංස්ථාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව කියා සිටියේය.

මෙම තත්ත්වයට ළඟා වීමට නම් ශ්‍රී ලංකාවෙන් 60% ක ජනගහනයක් එ න්න ත් කරණයට ලක් විය යුතු බවත් ඒ සඳහා දැනටමත් ලොව ප්‍රධාන එ න්න ත් නිපදවන සමාගම් හතරක් සමග ගිවිසුම් ගත වී අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, රුසියාවේ ස්පුට්නිට්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා, ෆයිසර් බයෝටෙක් සමග දැනටමත් අවශ්‍ය පරදි ගිවිසුම් ගත වී අවසන් යයිද කී ඔහු එම එ න්න ත් මාත්‍රාවන් අනුව මෙරට අවශ්‍යතාවය ඉක්මවන එ න්න ත් මාත්‍රාවන් ලැබෙනු ඇතැයිද පැවසීය.

ඒ අනුව මෙරට ජනතාවට යම් සීමා සහිතව ජීවිත රටාව පවත්වා ගත යුතුව ඇත්තේ ඉදිරි මාස තුනක කාලයේදී පමණක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් කොවිඩ් හී වෙනස්වන සුළු තත්වය හා එන්නත්වලට ප‍්‍රතිචාර දක්වන ස්වභාවයද මෙය වෙනස් විය හැකි යයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *