LATEST NEWS
Search

රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි

26

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා පැළඳවූ අතර දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹෙන අතර ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *