2024 ජනාධිපතිවරණයට තරග කරන ලෙස මෛත්‍රීට ඉල්ලීමක්

128

2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර තිබේ.

ද මෝනිං පුවත්පතට අනුව, මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) පළාත් පාලන නියෝජිතයින් විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික තිසර ගුණසිංහ මහතා පැවසුවේ ජූලි 29 දින පැවති ගාල්ල දිස්ත්‍රික් රැස්වීමේදී සිරිසේන වෙත ලිඛිත ඉල්ලීමක් භාර දුන් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රදේශයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් කළ ඉල්ලීමට හිටපු ජනාධිපතිවරයා මෙතෙක් පිළිතුරු ලබා දී නොමැති බවයි.

2015 ජනාධිපතිවරණයට විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පසු සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවට සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දුන්නේය.

මේ අතර, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCol) අවසාන වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ සිරිසේනගේ පාලන කාලය තුළ සිදු වූ බෝම්බ ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ය.







Leave a Reply

Your email address will not be published. Required fields are marked *