හැමෝම කතාවෙන පහන්තුඩාව ගැන ඔබ දන්නවාද?

75
පහන්තුඩාව 🙈🐾️🤽🌿
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇති පහන් තුඩාව සංචරණයට සොඳුරු තොතැන්නකි.මෙහි ඇති ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම නිසාම දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක් මෙම ස්ථානය කරා ආකර්ෂණය වෙයි.සංචාරණ ක්රියාවලිය තුළ ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.

මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල්ල යනුවෙන් ව්යවහාර වී ඇත.

මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්රාසජනක මෙන්ම අවධානම් සහගතය.අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති. අධික වර්ෂාවන් සහිත අවස්ථාවලදී දිය ඇල්ලට ඉහළ ප්දේශයන්හි ජල මට්ටම වැඩි වන විට විනාඩි 10ත් 15 ත් අතර කාලය තුල මෙම ස්ථානයේ ජල මට්ටම එකවරම වැඩි වේ.එබැවින් මෙහි දිය නෑම අවධානම් සහගතය.

ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම දෙස් විදෙස් සියලු සංචාරකයින්ගේ වගකීමකි. සිසිලස ,පහස මෙන්ම මෙම පරිසරයට ආවේණික සත්ව විශේෂ ,ශාක විශේෂ ,මෙම ස්ථානයට නුදුරින් ඇති සමනළ වැව සංචාරක කලාපයේ සියලු සොඳුරු දසුන් දකින්නට විඳින්නට මෙම ස්ථානය සංචරණය කිරීමතුළින් හැකියාව පවතී.ශ්රී ලංකාවේ නුදුටු සුන්දරත්වය සියැසින් දැක ගන්නට නුඹත් එන්න සංචරණයට පහන්තුඩාව.ගියාට තියන ලස්සන සොබාදහම විනාශ කරන්න නම් එපා.

ලිපියේ සහ පින්තූර වල සියලු ගෞරව මුල් අයිති කරුවන්ට…

Y a m a n ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත් ලස්සන ලිපියකි.

#Pahanthudawa #පහන්තුඩාව #pahantudawa



Leave a Reply

Your email address will not be published. Required fields are marked *